(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම අවාසනාවන්ත සිදුවීමට අදාල නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණු වලින් මෙන්ම පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනගන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීම බවද පාස්කු දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

