පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන හමුදා ප්‍රධානීන්ගේ වාර්තාව විපක්ෂ නායක අතට


(නාලක සංජීව දහනායක)

පාස්කු ඉරුදින කොළඹ නගරය ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකට ත‍්‍රස්තවාදීන් විසින් එල්ලකළ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය පිළිබඳව හා රටේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සකස් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්‍ෂනායක නිලනිවසේදී හිටපු ආරක්‍ෂක ප‍්‍රධානීන් විසින් අද (02) විපක්‍ෂනාය මහින්ද රාජපක්‍ෂ මහතාට බාරදෙනු ලැබීය.

හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසුන්දර, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන්ත ගුණතිලක හා හිටපු නාවුක හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්වරුන් එම වාර්තාව විපක්‍ෂනායකවරයාට බාරදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඡායාරූපයේ සිටිති.