පාසල් හැර ගිය දරුවන් දහසකට ජපානයේ රැකියා


(ළහිරු හර්ෂණ)

ජපන් භාෂා ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය දරුවන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී KatsukiKotara මහතාගෙන් ඉල්ලීමක් කළේය.

මෙරට සිටින ජපාන තානාපති භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී KatsukiKotara ඇතුළු ජපානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායමක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (26) උදෑසන හමුවූ අතර දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙන්ම ජපානයේ වැඩි රැකියා අවස්ථාවන් තරුණ තරුණියන්ට ලබාදීමට ඇති හැකියාව ගැනත් අවධානය යොමු කළේය.