
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
මොරන්තුඩුව කපුවත්ත වෙන්දේසිවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි පාසල් සිසුවෙකුට පොල්ලකින් පහර දුන් "කලපුගම මල්ලියා" නැමැත්තා අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය කියයි.
පහර කෑ බව කියන මොරන්තුඩුව ප්‍රදේශයේ පාසලක 11 වන වසරේ ඉගෙනුම ලබන සිසුවා සිසුවා ගෝනුදුව රෝහල වෙත ඇතුළත්ව ඇත. සැකකරු සිදු කළ පහරදීමෙන් සිසුවාගේ පාදයකට අතකට හා පිට ප්‍රදේශයට තුවාල සිදු වී ඇතැයි රෝහල් ප්‍රකාශකයකු පැවසීය
පහර කෑ සිසුවා අධ්‍යාපන ලබන පාසලේම සැකකරුගේ දියණිය ද ඉගෙනුම ලබන අතර සිසුවා දියණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට උරණව සිසුවා පාසල නිම වී නිවසට යන අතරවාරයේදී මඟ රැක සිට මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වි ඇත

