(ඩී.ජී.සුගතපාල සහ ප්‍රේමතිලක ද සිල්වා)
බූස්සේ මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවකු අද සවස මුහුදේ ගිලි අතුරුදහන්ව ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙසේ දියේ ගිලි ඇත්තේ බුස්ස පාවර ප්‍රදේශයේ පදිංචි 14 හැවිිදි පාසල් සිසුවෙකි.
ඔහු තවත් මිතුරන් පිරිසක් සමග මුහුදේ නෑමට ගොස් සෙල්ලම් කරමින් සිටියදි රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර සිසුවා සොයා ජිවිතාරක්ෂක කණ්ඩායම් පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මේ වනවිට මෙහෙයුමක් දියත්කර ඇත.
රත්ගම පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

