පාසල් ප්‍රාථමික අංශ හෙට සිට වහයි


(යොහාන් භාසුර)

සමස්ත ශ්‍රී ලංකාවේම පාසල්වල ප්‍රාථමික අංශය හෙට (04) සතියක් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

උතුර, නැගෙනහිර, දකුණ සහ වයඹ යන පළාත්වල සියලුම වාර විභාග අවසන් බැවින් එම පළාත්වල පාසල් සම්පූර්ණයෙන් වසා දමා ඇති බවත් බස්නාහිර, මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරු මැද යන පළාත්වල පාසල්වල  වාර විභාගවලට පෙනී සිටින සිසු සිසුවියන් පමණක් කැඳවීමට අවසර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

කෙසේ වෙතත් විදුහල්පතිවරු සහ ගුරුවරුන් සේවයට වාර්තා කළ යුතු බව ද එන නිලධාරියා කීය.