
( රොමේෂ් මධුෂංඛ)
යාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේලමින් සිටි ගොවියෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩ පොලීසිය පවසයි.
මහකන්නයේ වී අස්වැන්න නෙලීමෙන් පසුව නෙලාගත් වී අස්වැන්න වේලීම සඳහා මාක්කිරායි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ගයට දමා වී වෙලමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
පලෙයි සිට පේදුරතුඩුව දෙසට ධාවනය වී ඇති යතුරුපැදියක වී වේලමින් සිටි ගොවියා ගැටී ඇති අතර ඒහිදී බරපතල තත්වයේ සිටි ගොවියා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

