(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය වසරේ (2022) වසරේ වෙළෙපොල වැටලීම්වලින් පැවරූ නඩුවලින් රුපියල් මිලියන 111 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික මුදලක් දඩ ලෙස ලබාගෙන ඇති බවත් එම වසරේ වැටලීම් 13,980 ක් ක්‍රියාත්මක කර පැවරූ නඩු 13,389 කදී අධිකරණය මෙම දඩ පනවා ඇති බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥා ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය.
අත්‍යවශ්‍ය ආහාර, බිස්කට්, ඖෂධ, ළදරු නිෂ්පාදන, ශරීරාලේපන සහ විදුලි උපකරණ වැනි දේවල් සම්බන්ධ වැඩිම වැටලීම් සංඛ්‍යාවක් කර ඇති බව කී නිරිඇල්ල මහතා එම වසර තුළ කළ වැටලීම් 802 ක් සුපිරි වෙලළඳසල් වන අතර ඉන් වෙළෙඳසැල් 100 ක් පමණ ප්‍රමුඛතම සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් බව ද සඳහන් කළේය.

