(රන්ජන් කස්තුරි)
රටේ පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන අනිද්දා (23) පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය සඳහන් කරයි.
අවුරුදු නිවාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස 21 වැනි අඟහරුවාදා රැස්වීමට මීට පෙර තිබිණි.
අය-වැය විවාදයේ ඡන්ද විමසීම පැවැති ඉකුත් 5වැනිදා පාර්ලිමේන්තුව අවසන්වරට රැස්විය.

