(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ බිම් මහලේ පිරිසිදු කිරීමේ කටයුතුවලදී වැරදි ද්‍රව්‍යයක් යොදාගැනීම නිසා ඇතිවූ ලිස්සායාමේ ස්වභාවය මේ වනතුරුත් පවතින අතර ඒ හේතුවෙන් බිම ඇද වැටුණු සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඒ අතර මන්ත‍්‍රීවරුන් හය දෙනෙක්, සේවක සේවිකාවන් 14 දෙනෙක් සහ පිටතින් පැමිණි සිව් දෙනෙකු ද වන බව පැවසේ.
ඇද වැටුණු ඇතැමුන් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප‍්‍රතිකාර ද ලබාගෙන ඇති බව පැවසේ.
ඉකුත් 20 වැනිදා සිට දින හතරක් පුරා පාර්ලිමේන්තුවේ මෙම ලිස්සන ස්වභාවය පවතින අතර එහි තැන තැන ලිස්සන සුළු බව සඳහන් පුවරුද ප‍්‍රදර්ශනය කර තිබේ.

