
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පාර්ලිමේන්තුව ලබන 18 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු 9.30ට කැඳවන බවට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
ඔහු මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ස්ථාවර නියෝග සංග්‍රහයේ 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව කරන ලද ඉල්ලීමක් අනුවය.
ආපදාවෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සහ ආපදාවෙන් විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන අනුමත කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීම එදින සිදු කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය
2026 අයවැය ලේඛනය සම්මත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව ලබන ජනවාරි මස 6 වැනිදාට කල් තැබිණ.

