පාර්ලිමේන්තු රැස්වීම හෙට පමණයි


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

කොවිඩ්  අවදානම හේතුවෙන්  පාර්ලිමේන්තුව  හෙට (17) අඟහරුවාදා දිනයේ පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (16) පෙරවරුවේ රැස්විය.