
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හරින් ප්‍රනාන්දු සහ ජානක තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුවූ ගුටිබැට හුවමාරුව සහ හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයට තහනම් ද්‍රව්‍ය කීපයක් රැගෙන ඒ මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හත්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් පත් කිරීමට තමා තීරණය කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වූයේ අද (22 )පැවැසී ය.
එම කමිටුව ඉදිරියේදී ලබා දෙන තීරණ අනුව තමා කටයුතු කරන බව ද කතානායක වරයා කීය . පාර්ලිමේන්තුවේ දී හා ඉන් පිටතදී ඊයේ සිදු වූ එම සිදුවීම් ඉතා අවාසනාවන්ත මෙන්ම ලැජ්ජා සහගත බව කී අබේවර්ධන මහතා එවැනි සිදුවීම් කිසිවකුත් අනුමත නොකරන බව ද බවද සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කළ සභානායක සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හා ඉන් පිටත දී සිදුවූ එම නොගැළපෙන සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කරන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

