
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ රුපියල් කෝටි හතකට අධික මුදලක් අවභාවිතය කළේ යැයි චෝදනාව පිළිබඳව කරුණු විමසීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන මනිලාල් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර තිබේ.
ඉතාලියෙන් ලැබුණු යූරෝ 40,400 ක්, ආසියානු පාපන්දු සම්මේලනයෙන් තරග පැවැත්වීම සඳහා ලැබුණු ඩොලර් 60,000 ක්, සුනාමියෙන් විපතට පත්වූ පිරිසකට නිවාස ඉදිකිරීමට පෞද්ගලික සමාගමකට දුන්නේ යැයි කියන රුපියල් මිලියන 10 ක් සහ ආසියානු පාපන්දු සම්මේලනයේ පරිත්‍යාගයක් වන ඩොලර් ලක්‍ෂ 2 ක් අවභාවිතය කළේ යැයි කියන රුපියල් කෝටි දෙකකට අධික මුදලට ඇතුළත් බව ‘කෝප්’ කමිටුව පවසයි.
මනිලාල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වර්තමාන නිලධාරීහූ ලබන මැයි මස 6 වැනිදා නැවත ‘කෝප්’ කටුමිව හමුවේ පෙනී සිටිය යුතුය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් එහි වර්තමාන සභාපතිවරයාගෙන් නොමැතිව ඊයේ (22) කෝප් කමිටුව හමුවේ පෙනී සිටීම නිසා කරුණු විමසීමෙන් තොරව අත්හිටුවීමට කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පියවර ගත්තේය.

