පානදුර විදුලි උප පොලේ ලෙඩක්: රට පුරා විදුලිට බිඳ වැටෙයි


(අංජුල මහික වීරරත්න)

විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ සිදුවූ හදිසි තත්ත්වයක් බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලිය යථා තත්ත්වයට පත් කරන්නට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් සිටින බවද අමාත්‍යාංශය කියයි. සිදුවූ හදිසි තත්ත්වය ගැන විදුලි බල මණ්ඩලය කණගාටුව පළ කරන බව ප්‍රකාශයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.