පානදුර ප්‍රා.සභා මන්ත්‍රීවරයකු පහර කෑමකින් තුවාල ලබා රෝහලේ


බිමල් ශ්‍යාමන් ජයසිංහ

රුපියල් පන්දහසේ සහනාධාර මුදල බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වු සිද්ධියකදී සිදු වු පහරදීමකින් තුවාල ලද පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු   රෝහල් ගත කර ඇතැයි පිංවත්ත පොලිසිය කියයි.

 පානදුර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුජිත් ප්‍රියන්ත මහතා මෙලෙස රෝහල් ගත කර ඇත.

ඔහු සහනාධාර මුදල් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට  ගිය අවස්ථාවේදී අද  (21) පානදුර පිංවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු පහර දී තිබේ.

පහර කෑමෙන් මන්ත්‍රීවරයාගේ මුහුණ සහ අත ප්‍රදේශයට තුවාල සිදුව ඇති බව පොලිසිය පවසයි.

මන්ත්‍රී වරයා පානදුර රෝහලෙ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

පහරදීමට සම්බන්ධ  පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. පිංවත්ත පොලිස් ස්ථානාධිපති පො.ප ලක්ෂ්මන් දිසානායක මහතා ගේ උපදෙස්  මත  වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.