පාකිස්ථානු විදේශ කටයුතු ඇමති ලංකා සංචාරය අවලංගු කරයි


(තිළිණි ද සිල්වා) 
 
මෙරට නිල සංචාරයක් සඳහා හෙට (03) දිවයිනට පැමිණීමට නියමිතව සිටි පාකිස්ථානු විදේශ කටයුතු අමාත්‍ය ශාහ් මෙහෙමූද් කුරේෂි  මහතා එම සංචාරය අවලංගු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
 
පාස්කු ඉරිදා  සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සංචාරය අවලංගු කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම සංචාරය සැලසුම් කර තිබූ බව සඳහන්ය.