(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී සුජිත් ප්‍රියංකර මහතාට පානදුර පිංවත්ත ප්‍රදේශයේ දී පහරදුන් බව කියන පිය පුතු දෙපළ අද( 24) සැකපිට අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සදහා අයදුම් කර තිබෙන පිංවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ඇති වූ ගැටලුවක් නිරාකරණය කර නැවත පැමිණෙමින් සිටියදී මෙම සැකකාර පිය පුතු දෙපළ ඊයේ ( 23 ) උදලු මිටකින් සහ ආරක්ෂක හිස් වැසුමකින් මන්ත්‍රී වරයාට පහර දී තිබූ බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා පානදුර අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි .
පානදුර පොලිසිය පරීක්ෂණ පවත්වයි .

