(රංජිත් රාජපක්ෂ )
හැටන් නගරයේ සිටි කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් අවහිර වි ගලා බසින ජලය හැටන් එම්.ආර් නගරයේ පිහිටි ප්‍රජා ශාලාවක් තුලට කාන්දු වී ප්‍රජා ශාලාව ගිලා බැසිමෙන් අද (12) සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
හැටන් නගරයේ සිට ගලා බසින වැසි ජලය දික්ඔය ඇළ හරහා කාසල්රි ජලාශයට ගලා බසි.
වැසි ජලය ගලා බසින කාණු පද්ධතිය අවහිර කරමින් ඉදි කර ඇති සිව් මහල් ගොඩනැගිල්ල කඩා වැටිමේ අවදානමකට ලක් වි ඇති නිසා එහි පදිංචිකරුවන්ට අපදා කලමණාකරණ ඒකකය මගින් ඉවත් වන ලෙසට අවස්තා කිහිපයකදිම උපදෙස් ලබා දි ඇත.
එම උපදෙස් නොතකා එම ගොඩනැගිල්ලේ එක් පසක කිහිපදෙනෙකු විසින් ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පවත්වාගෙන යන අතර , පවත්නා තත්ත්වය මත එම වෙලදසැල් පවත්වාගෙන යන අයගේ සහ එම වෙලදසැල් වලට පැමිණෙන පාරිභෝගිකයන්ගේ ජිවිත වලට අවදානමක් එල්ල වි ඇත.
වැසි ජලය ගලා බැසිමට නම් කඩා වැටිමේ අවධානමකට ලක් වි ඇති ගොඩනැගිල්ල කඩා ඉවත් කල යුතු බවත්, මේ සම්බන්ධයෙන් වගකිය යුතු නිලධාරින් කිසිදු පියවරක් නොගන්නා බව ජනයා චෝදනා කරති.

