ප්‍රංශයේ සියලු පාසල්-විශ්වවිද්‍යාල වසාදමයි


සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතා දැනුම් දී තිබේ.
 
වයිසරය ව්‍යාප්තවීමේ බලපෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
 
පැරිසියේ එල්සී මන්දිරයේ දී පැවැති රූපවාහිනී සාකච්ඡාවකදී ප්‍රංශ ජනාධිපතිවරයා මෙම නිවේදනය නිකුත් කර ඇතැයි වාර්තා වේ.
 
දරුවන් සහ තරුණයන්ගෙන් වයිරසය වේගයෙන් ව්‍යාප්ත වන බව විද්‍යාඥයන් දැනුවත් කළ බැවින් මේ පියවර ගත් බව බලධාරීහු සඳහන් කළහ.
 
ප්‍රංශයේ සමස්ත අධ්‍යාපන පද්ධතියම වසාදැමුණු පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.
 
මේ වනවිට ප්‍රංශයේ පුද්ගලයන් 2,284ට වයිරසය ආසාදනය වී ඇති අතර, 48 දෙනෙකු මිය ගොසිනි.
 
(ඩේලි මේල් ඇසුරිනි)

16844