(සුජිත් හේවාජුලිගේ )
පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම තහනම් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා එම තහනම බල නොපැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
එසේම යම් සේවකයෙකු වෙනත් පළාතකින් කැඳවීමට අවශ්‍ය නම් ආයතන ප්‍රධානියාට ඒ සඳහා තීරණය ගැනීමේ බලය හිමි වනු ඇත.

