පළාත් හයකට සවස වැස්ස


(ඩයනා උදයංගනී)

සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව, දකුණු සහ වයඹ පළාත්වල අද (29) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතින අතර නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ ද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.