පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට


(රංජන් කස්තුරි)

පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීමට අද (04) පැවැති විශේෂ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පක්ෂ නායකයින් තීරණය කළ බව ඇමැති මනෝ ගනේෂන් මහතා ලංකාදීපයට පැවැසීය.

පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේ නම් දැනට පවතින අණ පනත් අහෝසි කළයුතු බවද ඒ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව පියවර ගත යුතු බවද මනෝ ගනේෂන් මහතා කීය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (04) පැවැති පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමේදී ගත් එම තීන්දුව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන බවද ඇමැතිවරයා පැවැසීය.