(ඩයනා උදයංගනී)
ඉදිරි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙවර පළාත් සභා මැතිවරණය පමණක් පැරණි සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ කාන්තා නියෝජනය සියයට 25ක් තහවුරු වන අයුරින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පළාත් සභා නවයෙන් හයකම නිල කාලය මේ වන විට අවසන් වී ඇති නිසා එම මැතිවරණය කඩිනමින් පැවැත්වීමට විධි විධාන සැලසිය යුතු බැවින් මෙම තීරණය ගත් බව සම කැබිනට් ප්‍රකාශක, වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
නව මිශ්‍ර සමානුපාතික ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ඡන්ද කොට්ඨාස නිර්ණය කිරීමේ කටයුතු මෙතෙක් අවසන්ව නොමැති බව ද ඇමතිවරයා කීවේය.
එබැවින් පැරණි ක්‍රමය යටතේම මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම සඳහා පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද ඇමති මහින්ද සමරසිංහ මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

