පළාත් වැහුවත් අධිවේගය තවම වැඩ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පළාත් අතර සංචරණ සීමා පැන වුවද බස්නාහිර හා දකුණු පළාත වෙන් කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රදේශය මේ වන විටත් වසා නැති බව අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි

බස්නාහිරින් පිටවන සහ ඇතුළු ස්ථාන සියල්ල ආවරණය වන පරිදි මාර්ග බාධක දැමුවද අධිවේගී මාර්ගය ඔස්සේ කිසිදු බාධාවක් නොමැතිව බස්නාහිරින් පිටවීමට සහ දකුණු පළාතේ සිට බස්නාහිර පැමිණීමට හැකියාව ඇත

මේ පිළිබඳ අධිවෙගි රථවාහන පොලිසියෙන් විමසීමේ දී පොලිස් නිලධාරියෙක් පැවසුවේ මෙතෙක් ඒ පිළිබඳ පොලිස් පණිවුඩයක් ලැබී නොමැති බවයි මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසීමේදී ඒ සම්බන්ධයෙන් වහා සොයා බලන බව පැවසීය