පළාත් ඡන්දය තියන්න රටේ නීතියක් නෑ


(සුජිත් හේවාජුලිගේ)

මේ මොහොතේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා රටේ නීතියක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේය.

තිබූ නීතිය අහෝසි කිරීමෙන්  ඒ වෙනුවට සකස් කරමින්  පැවතුණ නව නීති මාලාව 2018 වසරේ සිට අතරමග නතර වී ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේය

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඇත්තේ ව්‍යවස්ථාදායකයට වන බැවින්, ව්‍යවස්ථාදායකය වහාම ඒ පිළිබඳව තීන්දුවක් ගත යුතුව  ඇතැයිද
ඔහු පෙන්වා දුන්නේය.