පළාත් ඡන්දය කවදාද: ආණ්ඩුවෙන් ප්‍රකාශයක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුව නීති සම්පාදනය අවසන් කළ වහා පළාත් ඡන්දය හැකි ඉක්මනින් පවත්වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.