පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි


බස්නාහිර,සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

සෙසු ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං තත්ත්වයක් සහ අකුණු සැරද ඇතිවිය හැකි බව අනතුරු අඟවයි. මෙම දිනවල සූර්ය ශ්‍රී ලංකාවට ඉහළින් සෘජුවම පවතී. යාපනය නල්ලූර්,පරන්තන් සහ චුන්ක්කුලම ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.