පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර නොගත්තැයි උද්ඝෝෂණයක්


(අනීෂා මානගේ)


2019 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා තම දරුවන් හුංගම විජයබා ජාතික පාසලට ඇතුළත් කර නොගන්නේ යැයි කියමින් දරුවන් දහසය දෙනෙකුගේ මාපියන්  පිරිස  අද (26) එම විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුහ.


 පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාව පැවැතිණි.


 ඔවුන් විද්‍යාලය පවතින ග්‍රාමසේවා කොට්ඨාසයේ පදිංචි වී සිටියද පදිංචිය සනාත කිරීම සඳහා ඔප්පුව නොමැති බව කියමින් තම දරුවන් හුංගම විජයබා ජාතික පාසල සඳහා ඇතුළත් කර නොගන්නා බව උද්ඝෝෂණය කළහ. 


පළමු වසරට ඇතුළත් කිරීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කර ඇති දරුවන්ගේ අභියාචනා සහ විරෝධතා කැඳවීම අද(26) දිනයේදී විද්‍යාලයේදී සිදුකර තිබිණි. එම අභියාචනා සහ විරෝධතා කැඳවීමෙන් අනතුරුව මෙම විරෝධතාව පාසල ඉදිරිපිටදී සිදුකෙරිණි.