පලාලි ගුවන් තොටුපලේ සිට ඉන්දියාව බලා ගුවන් ගමන් ඇරඹීමේ අවස්ථාව ඔක්තෝබර් 15 වැනි දින සිදුකිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර අද(26) අරලියගහමන්දිරයේ පැවති සාකච්ඡාවක් පැවතිණි.
ගුවන් ගමන් ඇරඹීම සම්බන්ධයෙන් වන කටයුතුවලින් 30%කට වැඩි ප්‍රමාණයක කටයුතු සම්පූර්ණ කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
විදුලි සහ ජල සැපයුම් සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කරමින් පවතින බවද, ජාතික ජල සැපයුම එම ගුවන් තොටුපලේ සිට කිලෝමීටරයකටත් වඩා දුරකින් පිහිටන බවද ඒ මහතා කීය. මුහුදු ජලය පිරිපහදු කිරීමෙන්, නාවුක හමුදාවේද සහාය ඇතිව එම ගැටලුව විසඳා හැකි බව අග්‍රමාත්‍යවරයා එහිදී යෝජනා කර ඇත.
මෙය අන්තර්ජාතික ගුවන්තොටුපලක් බවට පත්කිරීම සඳහා බිලියන 2.2ක පිරිවැයක් දරා ඇතැයිද, ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන්යානාවල කාර්මික කටයුතු සඳහා අංශයක් සැකසීමේ සූදානමක් ඇතැයිද පැවසේ.
16844

