පරිසර සංවිධානවලට එරෙහිව විරෝධතාවයක්


(එන් ආරච්චි)

කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා විසින් පසුගිය දිනක  පාර්ලිමේන්තුවේ දී කෘෂිකාර්මික කටයුතු වලට හානි සිදු කරන වන සතුන් විනාශ කළ යුතු බවට කළ ප්‍රකාශයට පරිසර සංවිධාන විසින් දැක්වූ විරෝධතාවයට එරෙහිව සියඹලාපිටිය තරුණ සංවිධානය විසින් විරෝධතාවයක් කෑගල්ල නගරයේ දී අද දින (7) පැවැත්විණි. 

එම පරිසර සංවිධානවලට තමන්ගේ ප්‍රදේශවල පැමිණ වන සතුන් සිදු කර ඇති වගා හානිය බලා දැක ගන්නා ලෙසත් ඔවුහු ප්‍රකාශ කළහ.

කෑගල්ල, සියඹලාපිටිය තරුණ සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණු අතර දිස්ත්‍රිකයේ සෙසු ප්‍රදේශවල ජනතාව ද මේ සඳහා එක්ව සිටියහ .

විරෝධතාකරුවෝ මෙහිදී එම පරිසර සංවිධානවලට ප්‍රකාශවලට විරුද්ධව ප්‍රකාශයන් ඇතුළත් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ