පරිපූරක ඇස්තමේන්තුවක් ගෙනාවොත් අපි සහාය දෙනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා අයවැය ප්‍රමාණවත් නොවන හෙයින් ජනතා අවශ්‍යතා ඉටු කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ගෙන එන ලෙසත් විපක්ෂය ලෙස ඊට සහාය දෙන බවත් කෑගල්ල  දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම්  මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

'ඇතිවෙච්ච ආපදා තත්ත්වය උඩ මේ අයවැය අදාළ වෙන්නේ නෑ කියලා කියන්නත් පුළුවන්.නමුත් අයවැය සම්මත කරගන්න වෙනවා. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිබෙන ගිවිසුම් මෙන්ම ඊළඟ වාරිකය ලබා ගැනීම සඳහා එක කොන්දේසියක් වන්නේ මේ අයවැය සම්මත කර ගැනීමයි.

නමුත් මේ අයවැයෙන් අපට ඊළඟ වසරේ වියදම් කළ යුතු ප්‍රතිපාදන සහ  තිබෙන ප්‍රශ්නය සමඟ මේ අයවැය ප්‍රමාණවත් වන්නේ නැහැ.ඒ නිසා හැකි ඉක්මනින්ම පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ජනතාවට අවශ්‍ය මුදල් වෙන් කරන්න. අප විපක්ෂය ලෙස ඒ සඳහා උපරිම සහයෝගය දෙන්න සූදානම් යැයි මන්ත්‍රීවරයා කීය.