පන්දහසක අල්ලසට යට වූ සැරයන්


(අමදෝරැ අමරජීව)

මුදල් ආරවුලක් විසඳීමට පැමිණිල්ලට වාසිවන අයුරින් කටයුතු කිරීම සඳහා පැමිණිල්කරුගෙන් රුපියල් 5000 ක අල්ලසක් ලබා ගනිද්දී ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකු  අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකය කියයි .

සැකකාර සෑරයෙන්වරයා ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි ඒකකයට අනුයුක්තව සේවය කරන අතර මුදල් ආරවුලකට පැමිණිල්ලක් කළ පැමිණිලිකරුගෙන් ඔහුට වාසිවන ආකාරයට පැමිණිල්ල විභාග කිරීමට රුපියල් 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබේ .

අල්ලස් මුදල ත්‍රිකුණාමල මූලස්ථාන පොලිස් පරිශ්‍රයේ භෝජනාගාරය තුළදී ලබා ගනිද්දී සැකකාර සැරයන්වරය මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ .

අත්අඩංගුවට ගත් සැකකරු උප්පුවේලී පොලිසියේ රඳවා ප්‍රශ්න කරගෙන යන අතර අනතුරුව ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .