පදියතලාව අයවැය පරාදයි


 

 

 

 

(වසන්ත චන්ද්‍රපාල සහ සමන් දිසානායක)

අම්පාර පදියතලාව ප්‍රාදේශීය සභාවේ, ජාතික ජන බලවේගයේ මංගල අයවැය  අද දින පරාජයට පත්විය.

සභාපති අනුර රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කළ අතර, එම අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 08 සහ විපක්ෂව ඡන්ද 12  ලැබිණි..

මෙම අයවැය සඳහා ජාතික ජන බලවේගයේ එච් එම් ධනපාල මහතා  සංශෝධන ඉදිරිපත් කළද  අයවැය සම්මත වීමට එය පලක් නොවීය.

පදියතලාව ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාව 20 කි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී  ජාතික ජන බලවේගයට සභිකයින්  07 දෙනෙක්ද  සමගි ජන බලවේගයට 05 දෙනෙක්ද    , පොදු ජන පෙරමුණට  04 දෙනෙක්ද  සර්ව ජන බලයට  02 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට 01 බැගින්ද හිමි විය.

පසුගිය මැතිවරණයෙන් පසුව සභාව පිහිටවනු ලැබුවේ රහස් ඡන්දයකිනි.ඒ අනුව  ජාතික ජන බලවේගය අනිත් පක්ෂත් සමග හවුල්ව 13-07  ලෙසින් සභාව පිහිටවනු ලැබීය.

කෙසේ නමුත් අද දින විවෘත ඡන්දයකින් අයවැයට පක්ෂ විපක්ෂභාවය විමසන ලදී. ඒ අනුව අයවැයට පක්ෂව ජාතික ජන බලවේගය සභිකයින් හත් දෙනාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයාද කටයුතු කරන ලදී.

සමගි ජන බලවේගයේ පස් දෙනා සහ පොදු ජනපෙරමුණේ හතර දෙනා සර්ව ජන බලයේදෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ එක්කෙනෙකු විපක්ෂව ඡන්දය පාවිච්චි කරන ලදී.