(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
කොළඹ, මහනුවර මාර්ගයේ රඳාවඩුන්න පන්සල් හන්දියේදී පා ගමනින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හප්පා මරණයට පත් කර පළා යමින් සිටි කන්ටේනර් රථයක් පස්යාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
ඊයේ (20) රාත්‍රී 8.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරට ලක්ව මරණයට පත්ව ඇත්තේ මුතුගල් පේලිගේ සරත් අමරතුංග (64), නැමති පුද්ගලයෙකි.
වේවැල් කාර්මිකයෙකු ලෙස සේවය කරන මරණකරු පන්සල් පාර, රඳා වඩුන්න. පදිංචිකරුවකු බවද පොලිසිය සඳහන් කරයි.
අඹන්පොල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්තනගල්ල අධිකරණය හමුවට පැමිණීමට නියමිතය.