පදික වෙළෙන්දෝ දඹුල්ල උණුසුම් කරති


(කාංචන කුමාර ආරියදස)

දඹුල්ල නගරයේ  පදික වෙළඳුන් ඉවත් කිරීම සඳහා දඹුල්ල මහ නගර සභාව අද(17) පියවර ගැනීමත් සමඟ වෙළඳුන් පොලිසිය සහ  නගර සභා සේවකයන් අතර උණුසුම් තත්ත්වයක්  ඇති වූහ.
මීට දින දෙකකට පමණ ඉහත දී දඹුල්ල මහ නගර සභාව මගින් ලිඛිතව පදික වෙළදුන්ට ඉවත් වන ලෙසත් එසේ නොවන්නේ නම් අද (17)  නගර සභාව බලතල අනුව වෙළඳුන්  ඉවත් කිරීම සිදුකරන බව දන්වා තිබිණි.
 මෙ  තීරණයට විරෝධය ප්‍රකාශ කරමින්   වෙළඳුන් පිරිස විරෝධතා බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් දඹුල්ල නගර මධ්‍යයට ගොස් පෙරවරුවේ දී විරෝධතාවයක නිරත වූහ
මෙම විරෝධතාවය ක්‍රියාත්මක වෙමින් තිබියදී දඹුල්ල මහනගර සභාවේ කණ්ඩායමක් වාහන රැගෙන විත් නගර මධ්‍යයේ ඇති අනවසර වෙළඳ ස්ථාන ඉවත් කිරීමේදී ඒහි සිටි වෙළන්දන්ගේ දැඩි විරෝධයක් එල්ල වු අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූහ.