පදවියට දින 10කින් ඉන්ධන ලැබී නෑ


(පියදාස සමරවීර)

පදවිය ඉන්ධන පිරවුම්හල්වලට දින 10ක් තිස්සේ ඉන්ධන නොලැබීම නිසා එහි ජනතාව  අව් වැසි නොතකා පෙට්‍ල් එන තුරු පදවිය ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝලිම්වල රැදී සිටියද මෙතෙක් පෙට්‍ල් රැගෙන එන දිනයක් හෝ නොමැතිවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

මේ සම්බන්ධව පදවිය සමුපකාර ඉන්ධන පිරවුම්හලේ කලමනාකාරවරයාගෙන් විමසීමේ දී ප්‍රකාශ කළේ ඩීසල් හා පෙට්‍ල් සදහා මුදල්ද ගෙවා තිබුණද ඩීසල් පමණක් ලැබුණු බවයි.පෙට්රල් එන දිනයක් හෝ කිව නොහැකි බවද කලමනාකාවරයා පවසයි.