පණ බේරාගන්න පොරකන ඇෆ්ගන් වැසියෝ


තලේබාන් ත්‍රස්තවාදීන් කාබුල් අගනුවර අල්ලා ගනිදිද්දී, ඇෆ්ගන් සිවිල් වැසියන් දහස් ගණනින්, රටින් පිටවී යෑමට කාබුල් ගුවන්තොටුපොළට එක්රොක්වීමත් සමඟ මහා ගාලගෝට්ටියක් හටගත්තේය.

ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ සිටි පිරිස්, එකිනෙකා පෙරළා ගනිමින්, තල්ලු කරමින් බස් රථ සහ ලොරි රථවලට ගොඩවී එල්ලෙන්නාක් මෙන් ගුවන් යානාවලට ගොඩවීමට උත්සාහ ගන්නා අයුරු දුක්වෙන ඉතාමත් ඛේදනීය වීඩියෝ දසුන් සහ ඡායාරූප මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් දකින්න ලැබේ.

ඇතැමුන් ගුවන් යානාවල තටුවල සහ රෝදවල එල්ලී යෑමට උත්සහ ගත් අතර ඔවුන් ගුවන් යානාවලින් පහළට ඇද වැටෙන වීඩියෝ දසුන් ද විදෙස් පුවත් සේවා ඔස්සේ විකාශනය වේ.

ඊට අමතරව ගුවන්තොටුපොළේ සිදුවුණු තෙරපීම් නිසා කාන්තාවන් කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ.

(ඩේලිමේල් ඇසුරිනි)