(ටී.කේ.ජී.කපිල )
පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් දෙවැනි දිනයටත් අත්හිටුවීමට තීරණය කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ඒ අනුව එළඹෙන මාර්තු 1 දිනයටත් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බව වැඩිදුරටත් පැවසීය .
පාකිස්තානය සහ ඉන්දියාව අතර හටගෙන ඇති යුදමය වතාවරණය නිසා පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය තම ගුවන් කලාපය ඊයේ (27) දහවල් සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගැණිනි.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලු ගුවන් ගමන් මාර්තු 1 වැනි දා සිට ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබේ.
පාකිස්තාන අන්තර්ජාතික ගුවන් සේවය එරට සිට ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලු ගුවන් ගමන් ද අත්හිටුවා ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
මේ පිළිබඳව යම් අපහසුතාවයකට ලක්වන ගුවන් මගීන් වෙතොත්, ඔවුන් කටුනායක ගුවන් තොටුපළ හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙත පිවිසීමෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගත හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනය කරයි.

