(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව ලබන සතියේ රැස් වන ආකාරය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට (17)පස්වරු 3.00ට පැවැත්වෙන බව එහි නියෝජ්‍ය මහලේකම්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවැසුවාය.
රට ලබන 21 වැනිදා විවෘත කිරීමට රජය තීරණය කළහොත් ඒ අනුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සැලසුම් කරන බවද ඇය සඳහන් කළාය.
රට විවෘත කිරීම පිළිබඳ තීරණය ජනාධිපතිවරයා හෙට (17) පෙරවරුවේ ගැනීමට නියමිත අතර එම තීරණයෙන් පසු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වීමට තීරණය කර ඇත්තේ ඒ නිසා යැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මෙම රැස්වීම මුලින් පැවැත්වීමට නියමිතව තිබුණේ අද (16) දිනයේය.
කෝප්,කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන්ද එම රැස්වීමේදී අවසාන තීරණයක් ගැනෙණු ඇත.

