පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා ඇතුළු පංච පුද්ගල ඝාතනයට සැකකරුවන් පැමිණි සුඛෝභෝගී ජීප් රථය සඳහා කූට ලේඛන සකස් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

එම සැකකරු සමග ව්‍යාජ ලෙස සකස් කරන ලද වාහන ආදායම් බලපත්‍ර අටක් ව්‍යාජ නිල මුද්‍රාවක් හා ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කොළඹ 5 නාරහේන්පිට කිරුළ පාර හත් බෝධිය පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

 වෙඩි තබා පුද්ගලයන් පස් දෙනකු මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමට අදාළව එම සැකකරුවන් පැමිණි ජීප් රථය  සඳහා කූට ලේඛන සකස් කිරීම, වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය සිදුකිරීමට අනුබලදීම යන කරුණු යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

58 හැවිරිදි  සැකකරු මරදාන පොලිසිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බෙලිඅත්ත පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ රැගෙන ගිය බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය