නොරොච්චෝල බලාගාරයේ ගැටලුව අවසන්


රංජන් කස්තුරි
 
නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තාක්ෂණික ගැටළුව සමනයට පත්ව ඇති හෙයින් හෙට (20) විදුලි ජනනය කටයුතු ආරම්භ කිරිමට හැකි වෙතැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

ඒ අනුව සාමාන්‍ය පරිදි නොරොච්චෝල ගල්අගුරු බලාගාරයේ දෙවැනි යන්ත්‍රයෙන් මෙගාවොට් 270 ක ධාරිතාවයක් ජාතික විදුලිය පද්ධතියට එක්කෙරෙන බවද ඒ අනුව ඉකුත් දින දෙකේ පැවැති විදුලිය විසන්ධිවීම අද සිට අවසන් වනු ඇතැයි ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ දෙවැනි යන්ත්‍රය ක්‍රියාවිරහිත වීම නිසා අද (19) සහ ඊයේ (18) දවස පුරා ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබිණි.