නොමිනිස්කම මැද අතරමං වූ රුසියානුවා


(සමන් පාලිත නානායක්කාර)

සිය රටට පිටත් වීම සඳහා හපුතලේ සිට ගුවන්තොටුපළට යාමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ආ රුසියානු සංචාරකයකුට හපුතලේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉඩ නොදීම නිසා රුසියානු ජාතිකයා දැඩි අසීරුතාවයට පත් වූ පුවතක් හපුතලේ ඉන්ධන පිරවුම්හලෙන් වාර්තා වෙයි.

සිය වාහනයට ඉන්ධන නොමැති වීම නිසා ගැලුම් දෙකක් රැගෙන ඉන්ධන පිරවුම්හලට පැමිණි රුසියානු සංචාරකයාට ඉන්ධන ලබා ගැනීමට යාමේදී පැමිණ සිටි පිරිස දැක්වූ විරෝධතාව හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී ඇත.