නොදැන දුන් ඇමතුමක් ගැන විපක්ෂ නායක හෙළි කරයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

දැන් ඉන්න ධීවර නියෝජ්‍ය ඇමති උද්ඝෝෂණ වලට හරි දක්ෂයි.එතුමා  උද්ඝෝෂණ කරපු සාර්ථකත්වය දුටු  මා එදා එතුමාට දුරකථන ඇමතුමකුත් දුන්නා.එලෙස ඇමතුමක් දුන්නේ ඔහු ජේ.වී.පී බව නොදැන යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මොකද මේ පුද්ගලයා අපට එකතු වුණොත් හොඳයි කියා මා එදා සිතුවා.ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය වගේම ධීවර විශ්‍රාම වැටුපත් අද අඩාල වෙලා" යනුවෙන්ඩ විපක්ෂ නායකවරයා කීය.

ධීවර,ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

'ධීවරයින්ගේ  ඉන්ධන සහනය වෙනුවෙන් අද ආණ්ඩුවේ ඉන්න  උදවිය එදා ලොකු හඬක් නැගුවා.එදා ඔවුන් උද්ඝෝෂණය කළ ආකාරය අප ඇස් දෙකෙන් දැක්කා. ගංගා මුහුදු වල බෝට්ටු වලින් ගිහින් උද්ඝෝෂණ කළා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.