නෙදර්ලන්තය ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි


(යොහාන් භාසුර)

සිම්බාබ්වේහිදී දැන් පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට  සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තගරයට සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය අද (6) සමත් වූ අතර ඒ අනුව නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අවසන් මහ තරගය ලබන 9 වැනිදා හරාරේහිදී පැවැත්වීමට නියමිතය.

‘සුපිරි හය’ වටයේ ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය අතර පැවැති තීරණාත්මක තරගයෙන් කඩුලු 4 ක ජයක් ලැබූ නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 6 ක් ලබා ශුද්ද ලකුණු වේගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පැමිණියේය.