
(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට එළවලු කිලෝ 88,000ක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව අද (13) දින එම එලවලු තොග දිවයිනේ පළාත කිහිපයකට ප්‍රවාහනය කළ බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කලමණාකාරවරයා පැවසීය.
මේ අනුව ගෝවා කිලෝවක් -රු.210, කැරට් -රු.230, ලීක්ස් -රු.230, රාබු -රු.160, බීට්රුට් -රු.260, බීට්රූට්/කට් -රු.310, අර්තාපල් -රු.290, රතු අර්තාපල් -රු.260, නෝකොල් -රු.230, සලාද -රු.550 ඇතුළු චීන ආාර සදහා භාවිතා කරනු ලබන එලවලු වර්ග කිලෝ 88000ක් යොමු කළ බවයි.
එම එලවලු තොග ගාල්ල, මාතර, පිටිගල, කලුතර, අම්පාර කාත්තන්කුඩි යන ප්‍රදේශවලට යොමු කළ බවද නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පැවසීය.
නුවරඑලිය ආර්ථීක මධ්‍යස්ථානයෙන් එලවලු තොග වෙලෙන්දුන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව ගොවීන්ගෙන් එලවලු මිලදී ගන්නා බවත්, මේ දිනවල වෙළදපොලේ එළවලු සදහා පවතින ඉල්ලුම අඩු බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා වැඩි දුරටත් කියා සිටියේය.


