නීතීඥ සංගමයෙන් රතු එළියක්


(මනෝප්‍රිය ගුණසේකර)

රටතුළ ඕනෑ ආකරයක ප්‍රචණ්ඩත්වයක් පැන නැඟුණහොත් එය රටේ බැරෑරුම් ගැටළුවක් වීමට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.

දැඩි තුවාල වියහැකි උල් සහිත යකඩ ඇණ කළු පාට ඉටිරෙදි වලින් ආවරණය කොට යොදා තිබීමෙන් උද්ඝෝෂකයින්ට මෙන්ම මහජනතාවටද සිදුවිය හැකි අනතුරුදායක තත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් සහ ලේකම් නීතීඥ ඉසුරු බාලපටබැඳි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මඟින් ඒ බව අවධාරණය කොට ඇත.

දින ගණනාවක් තිස්සේ මේ වන විටත් අඛණ්ඩ විරෝධතාවයක නියැලෙමින් සිටන ගෝල්ෆේස් ප්‍රදේශයට පැමිණෙන මාර්ගයේ විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යෙදවීම මෙන්ම එම මාර්ගයේ උල් සහිත යකඩ ඇණ කළු පාට ඉටිරෙදි වලින් ආවරණය කොට යොදා තිබීමෙන් උද්ඝෝෂකයින්ට මෙන්ම මහජනතාවද අපහසුතාවයන්ට ලක්වන බව අවධාරණය කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය උල් සහිත යකඩ ඇණ යොදා මාර්ග බාධක ඉදිකිරීමෙන් ජනතාවට විශාල අනතුරවලට ලක් වීමේ අවධානමක් ඇති බවද පෙන්වා දී ඇත.