නීතිය හා සාමය ෆොන්සේකාට දීම ජනපති ප්‍රතික්ෂේප කරයි


(අජන්ත කුමාර අගලක )

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂය කළ ඉල්ලීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම,රාජිත සේනාරත්න හා කබිර් හෂීම් යන මහත්වරුන් ඉකුත් අඟහරුවාදා (30) ජනාධිපතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති බවද දැනගන්නට ඇත.

එහෙත් ෆොන්සේකා මහතාට කිසිඳු හේතුවක් මත නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදීය නොහැකි බව ජනාධිපතිවරයා ඔවුන්ට එහිදී දැනුම් දී ඇති බවද වාර්තා වේ.

ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලබා නොදීමට හේතු කාරනා ද ජනාධිපතිවරයා විසින් පැහැදිලි කරනු ලැබ ඇතැයි ද දැනගන්නට තිබේ.