(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවට පහර දීමට අදාලව නීතිපතිවරයා විසින් ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙසට පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජය පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදුනාගෙන ඇති සැකකරුවන් 22 දෙනා මෙම අපරාධවලට සම්බන්ධබවට සාධාරණ සැකයක් ජනිත වන්නේ ද යන්න තවදුරටත් විමර්ශන කරන ලෙසට උපදෙස් ලබා දී ඇත බවද පොලිස් මුලස්ථානය පවසයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වා ප්‍රගතිය නීතිපතිවරයා වෙත වාර්තා කරන ලෙසට ද පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.