නීති විරෝධී ලෙස ජලය ලබාගෙන


(ඉන්දිකා රාමනායක)

මාතලේ  නගර සීමාව තුළ නීති විරෝධී ලෙස  ජලය  ලබාගෙන  මණ්ඩලයට  රුපියල් ලක්ෂ 14 1/2  අධික මුදලක් පාඩු කළ   ස්ථාන 19 ක්  වැටලු බව  ජාතික  ජල  සම්පානදන හා   ජල අපවහන මණ්ඩලය  පවසයි.

වෙළෙසැලක්, කුඩා  කර්මාන්ත ශාලා, නිවාස  මේ අතර  වන බවද  ජල සම්පාදන මණ්ඩල  ආරංචි මාර්ග පවසයි.

ජල  බිල්පත් නොගෙවීම හේතුවෙන්  ජල සැපයුම අත්හිටුවා  තිබියදි  එවා නීති විරෝධි ලෙස විවෘත කර  මෙලෙස ජලය ලබාගෙන ඇති බවද ජල සම්පාදන ආරංචි මාර්ග සඳහන් කරයි.

මොවුන් අලාබ වු එම මුදල කොටසක් ගෙවා  ඉතිරිය ගෙවන බවට ලිඛිතව දැනුම් දීම හේතුවෙන්  මොවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගෙන නොමැත.

මරදාන විපුලසේන මාවතේ පිහිටි  බස්නාහිර පළාත් වැටලීම් ඒකකයේ, රත්මලා ප්‍රධාන කාර්යාලයේ  සහ ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරු  කේ  ප්‍රේමකුමාර  මහතා ප්‍රමුඛ  නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්   මාතලේ පොලිසිය  සමග එක්ව මෙම වැටලීම සිදු කළහ.

ඉදිරියේ දී දිවයිනේ තෝරාගත්  දිස්ත්‍රික වල   මෙම වැටලීම් සිදුකර බව   ආරංචි මාර්ග වැඩිදුරටත් පවසති.